Sunday, November 27, 2016

Do It Once...Only Once More....





...... I feel how U feel
මියේවී මා ඔබේ වේදනාවෙන් 

Could U please stop that
කඳුලු ඔබේ දැස් තෙමද්දි 
I can't stop my tears
 

Can I see Ur smile that soulful smile
සිනා සපිරි ඔබේ මුව
Not that tears I saw once
මැවේ මා අභියස 
Can U please get up don't give up now


දෙන්න ඔබේ දුක් ඔබ දවනා
I can endure any pain as long as I see U smiling
 මා සුසුම් රැළි ඔබ වටා සිසිලෙන්  රැඳේවී
this world is a better place when U near 
වෙනවද පොරොන්දුවක් එකම එක වරක්


Once again shine like a star twinkling star 
අඳුර මැකේවි ලොව පුරා
No need anything for me
පුලුවන්ද නුඹට ලබැඳි හැම වෙනුවෙන්
Do it once ..... Only once more 
දිලෙන්න තරු පිරිවරා......






ප. ලි. : නිම්නය ලියවෙන්න මාස කීපයකට කලින් එක්තරා දවසක (දවස මට මතකයි) බලාපොරොත්තු නොවු වෙලාවක මට කතා කරන්න ලැබුනා මම ගොඩක් අගය  කරන හැකියාවන් ගොඩක් තියන හීනෙන්වත් බලාපොරොත්තු නොවු කෙනෙක් එක්ක.. මුලින්ම මම විස්වාස කලේ නැ ඒ කෙනා ඒ නමින් ඉන්න ඇත්ත කෙනාමයි කියන එකත්..  කතා කරපු පළවෙනි දවසේ ඉඳන්ම කිසිම සැඟවීමක් නැතුව මුලු ජීවිත කතාවම කියන්න හිතුනේ ඇයි කියලා මම පස්සෙ කාලෙක ඇහුවම මට ලැබුනු උත්තරේ  "ඔයා හොඳ කෙනෙක්" කියලා විතරයි.. වචන වලින් කියන තරන් ජිවිතේ ලේසි නැ  කියලා දන්නවා වුනත් වැරදුන ජීවිතේකට ආපහු නැඟිටින්න අත දෙන්න  වචන වලට  සමහර විට පුලුවන් වෙයි... 

මගේ ජිවිතේ මම මූණ දෙන හරි සුලබ සිදුවීමක් කතා කල පළවෙනි දවසෙම කෙනෙක් හැමදේම කියන්න පෙළබෙන එක.. මේ නිසාම මම සමහර වෙලාවට මඟ ඇරලා යන්නේ කෙනෙක්ගේ  පුද්ගලික විස්තර මට දැනගන්න ඕන කමක් නැ කියන එක නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති.... ඇයි නොදන්න මාව විස්වාස කරන්නේ කියන ප්‍රශ්නේ මට ඉතිරි කරමින් ජීවිතය ගඟක් සේ ගලා යාවී  ආදරය මැදින්...

16 comments:

  1. :D

    I like to move it, move it
    I like to move it, move it
    I like to move it, move it
    We like to move it!

    I like to move it, move it
    She like to move it, move it
    We like to move it, move it
    We like to move it!

    Keep on jumpin' off the floor
    Dancin' 'til your feet is sore
    Party hard just like a smarty girl
    'Cause that's what life is for
    (Yeah!)

    ReplyDelete
    Replies
    1. හිනාවකින් එහාට ගිහින් තියෙන්නේ ස රස... :) :)

      Delete
  2. මේක ද්වීභාෂා ගීතයක්ද?????????

    ReplyDelete
    Replies
    1. කුරුටු, එහෙම හිතලා ලිව්වේ නැ.. මට ඕන වුනේ භාශා දෙකින්ම වෙන වෙනමත් එකටත් එකම තේරුමක් එන විදිහට ලියන්න...:)

      Delete
  3. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  4. Replies
    1. ඇත්තටම හරි අමුතු පුදුම දෙයක් තමයි කොච්චී.... :) :)

      Delete
    2. ඒ කිව්වේ...ටිකක් පහදන්න..

      Delete
    3. මං කිව්වේ කොච්චී මේ විදිහට භාශා දෙකක් එකට යා කරන එක...

      Delete
  5. මම මේ තාම හොයනවා ද්වීභාෂා කවියෙයි, ප.ලි. ඡේදවලයි ගැලපීම....! හොයාගන්නම බැරිඋනා....!

    cut & paste poems....!

    කඳුලු ඔබේ දැස් තෙමද්දි
    සිනා සපිරි ඔබේ මුව
    මැවේ මා අභියස
    මා සුසුම් රැළි ඔබ වටා සිසිලෙන් රැඳේවී
    දෙන්න ඔබේ දුක් ඔබ දවනා
    මියේවී මා ඔබේ වේදනාවෙන්

    වෙනවද පොරොන්දුවක් එකම එක වරක්
    පුලුවන්ද නුඹට ලබැඳි හැම වෙනුවෙන්
    දිලෙන්න තරු පිරිවරා......
    අඳුර මැකේවි ලොව පුරා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ චෙෆාකි, මට කියන්න ඕන උනු දෙය, කියන්න ඕන වුනු කෙනාට විතරක් තේරෙන්න පොදුවේ කියවිලා කියලද ? :) මේ සිදුවීම අදාල කෙනාට තප්පරයක්වත් ගියේ නැ තේරුන් ගන්න :) :)

      cut & paste poems....!

      //මියේවී මා ඔබේ වේදනාවෙන්
      කඳුලු ඔබේ දැස් තෙමද්දි // කියලා වෙනස් වෙන්න ඕන...

      Delete

    2. සිනා සපිරි ඔබේ මුව
      මැවේ මා අභියස
      මා සුසුම් රැළි ඔබ වටා සිසිලෙන් රැඳේවී
      දෙන්න ඔබේ දුක් ඔබ දවනා
      මියේවී මා ඔබේ වේදනාවෙන්
      කඳුලු ඔබේ දැස් තෙමද්දි

      වෙනවද පොරොන්දුවක් එකම එක වරක්
      පුලුවන්ද නුඹට ලබැඳි හැම වෙනුවෙන්
      දිලෙන්න තරු පිරිවරා......
      අඳුර මැකේවි ලොව පුරා

      Delete
    3. :) තියන හැකියාවත් එක්ක දිලුනා නම් ලෝකෙම අඳුර මැකේවී තමයි චෙෆාකි....

      Delete
    4. ආ... මේ තියෙන්නෙ.හරි හරි.
      ජයවේවා..!!

      Delete
    5. මොකද්ද ගස් තියෙන්නේ ? මේ ගසේ බොහෝ ...... :) :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...