Sunday, December 11, 2016

හුදකලා කලාව මවන සිතුවිලි අසන්නන්....

ඔබ කවදහරි හිතලා තියනවද ඔබේ සිතුවිලි ගොඩනැඟෙන හැටි ගැන...නිම්නය කියවන හැමෝම වගේ දන්නවා ගොඩක් අය මාව දැනගත්තට මම වැඩියෙන් ඉන්න කැමති හුදකලාව..  ඒ හුදකලාව පාට පිරුනු කලාවක් කරන්න මගේ සිතුවිලි වලට පුලුවන් තනිකමක් නොදැනෙන්න තරන්... ඉතින් එහෙම හුදකලා උන වෙලාවට මට හිතෙන දේවල් වෙනස් නොකර කියන්න අය මම හොයාගෙන පරිස්සන් කරලා තියාගන්නේ මගේ හිත ඇතුලෙමයි..මට A/L කාලේ හම්බුනු යාලුවෝ දෙන්නා තරන්  මගේ සිතුවිලි දන්න කවුරුත් නැතුව ඇති.. ඒ දෙන්නත් නොදන්න දේවල් මේ නිම්නය නිසා එළියට ඇවිත්.. ඒක වෙනම කතාවක්.... 


මගේ සැමියා Blotting Paper එකක්. කිසිම දවසක ඒ  හිතට උරාගත් මගේ සිතුවිලි නැවත මට නොකියන.  ඒ වෙනුවට හැමදාම හැසිරිමකින් මට ලංවෙන.. මගේ වරදක් උනත් ඔහු වචන පිට කරන්නේ මට එරෙහිව නම් නෙමේ. මේක තමයි මම ඔහුගේ අකැමතිම ගතිගුණය.  අම්මලා කූඩු කරලා තිබ්බ මාව අසීමිත මුදල් කන්දක් මැද වර්ණවත් නගරයක (බැංකොක්)  නිදහස් කිරිල්ලියක් කල ඔහු විස්වාස කරන්නේ නැතුව ඇති ඕනවට වඩා කොටු කරලා හදන කෙනෙක්ට නිදහස දුන්නම වල් බූරු විදිහට ඒ නිදහස භාවිතා කරාවි කියලා. පුදුමත් හිතෙනවා ඔහුගෙයි මගෙයි ගැලපීම ගැන.. නොගැලපීම් දාහක් මැද.. මිනිස් හිත් දෙකක් එකිනෙක ආකර්ෂණය වු විට මැවෙන්නේ හරි අපූරු ලොවක්...

ඉතින් මම කියන්න ගියේ මගේ සිතුවිලි අහන්න ඉන්න ඒ එක යාලුවෙක් ඉන්නේ මෙහෙ... අපි දෙන්නගේ ජිවිතේ ගොඩක් සමානයි.. අපි ඉගෙන ගත්තේ එක ඉස්කොලේ, එකම පන්තියේ , එකම විෂය, A/L වලින් පස්සෙ අපි කරලා  තියෙන්නේ  එකම  උපාධිය.. (හැබැයි වෙන වෙනම) අපි කසාඳ බැඳලා  තියෙන්නෙ එකම විදිහේ  එකම රැකියා අංශයේ  අය, අපි දෙන්නටම ඉන්නේ පුත්තු.. දැන් අපි දෙන්නා  යන්නෙත් එකම පාරේ.. මං කියන ඕන දෙයක් හරි ඉවසීමෙන් බාධා නොකර  අහන් ඉන්න ඇයට තියෙන්නෙ  පුදුම හැකියාවක්.. (මං කියන ඒවා අහන්න ඉන්න කාටද පුළුවන් )  කවදාවත්  මාව වෙනස් කරන හදල නැති, මම වැරදි නම් කෙලින්ම මුණටම කියන ඇය  මම මුණ  දුන්න සමහර ප්‍රශ්න වලදි මට වඩා දුක් උන හදවතින්ම මට උදව් කල කෙනෙක්.. සමහර තැන්  වල අවදානම් වැඩත් ඇය  මං  වෙනුවෙන් කරලා තියනවා..  ඇයට මං ගැන දැනෙන  කිසිම හැඟිමක්  හංගන්නෙ නැහැ මට බයත් නැහැ... හොද නරක, දුක බය, ඉරිසියාව සතුට  මේ හැමදේම ඇය  මා එක්ක  කෙලින්ම කියනව වගේම  ඒ හැඟිම් කිව්ව කියල අපේ යාලුකමට වෙනසක් වෙලා  නැහැ.. ඇය දන්නවා ඒ දේවල් මට කියන්න ඕන කලාව සහ වෙලාව.  කතා  කරන වාරයක්  පාසා අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා එකිනෙකාගෙන්.. මට ඇය  ගැන කවදාවත්  තරහක් හිතිලා  නැහැ.. (ඇයට මං  ගැන තරහ හිතිලා තියනවද  අහන්න ඕන  ඇයගෙන්..) 

අනිත් යෙහෙලියත් මේ  වගේ, ඒත් ඇය  හැඟිම් නොකියන ඒ හැම හැඟිමක්ම  කවි වලින් කියන කෙනෙක්..(ඇය ඉන්නේ ලංකාවේ.) එහෙම අයට  පුළුවන් කිසි දෙයක් නොකියා හැමදේම  තේරුන් ගන්න.  අපි තුන්දෙනා  කලේ විද්‍යා  විෂයන් උනාට ගැලපෙන්නේ  කලාව කරන්න කියලත් හිතෙනවා.. දැන්  අපි තුන්දෙනාම කරන්නෙ අපි හීනෙන්වත්  හිතපු නැති අංශ  වල රැකියා... මේ යෙහෙළියන් දෙන්නම කවුරුහරි මට මොනාහරි හරි කිව්වොත් ඒ  කියපු කෙනාට පුළුවන් නම් ගහලා  ඒවි. 

තවත් යෙහෙළියක් මට  ඉන්නවා,  ඕනම වෙලාවක මගේ  හිත නිදහස්  කරන්න  පුලුවන්.. ඇය  හැමදාම ප්‍රශ්නයක පැති   කිපයක්  ඇයගෙ කෝණයෙන් පැහැදිලි  කරලා   මට ගැලපෙන දේ තෝරගන්න පාර හදලා  දෙනවා  වගේම මං  ගන්න ඕනම තීරණේකදි මගේ ලඟ ඉන්නවා.. කලු සුදු  ඕන දෙයක් අපි එකිනෙකාට කියන්න තරන් අවබෝධයක් අපිට අපි ගැන තියන නිසා වෙන කෙනෙක් කියන දෙයක්  නිසා  අපෙ යාලුකම් වලට මුකුත් වෙන්නෙ නැහැ.. ලොකුම දේ අපි  හතරදෙනා අතර තරඟයක් නැහැ.

දැන්  ඔයාලා බලයි මට යෙහෙළියන් විතර ද ඉන්නේ.. නැ  නැ  පිරිමි යාලුවොත් ඉන්නවා. ඇත්තම කිව්වොත් යෙහෙළියන්ට  වඩා වැඩියි යාලුවො..(බහුතරයක් මම දන්න පිරිමි යාලුවො මගේ පවුලේ අයත් දන්න අය..) මගෙ කෙලින් කතා  කරන වැඩ කරන ගතිය එක්ක යෙහෙළියන්ට වඩා  ඉඩක්  යාලුවන්ට වෙන් කරලා දෙන්නේ  පොඩි කාලෙ ඉඳන්මයි.. පිරිමි යාලුවෝ එක්ක මම මූණ දෙන එකම ප්‍රශ්නය ඒ අය මට ආදරය කරන්න පෙලඹිම සහ මම ඒ අයට ආදරය නොකිරීම විතරයි.. එහෙම ආදරය කල අය එක්කත් එදිනෙදා මම අසුරු කරලා තියනවා.. ඒ හැම කෙනෙක්ම තමන්ව පාලනය කර ගත්තා මිසක් මට කිසිම විදිහකින් වගකීමක් දීලා නැහැ.. ලංකාව වගේ රටක මේ බොහෝ යාලුවන්ට  විවාහයෙන්  පස්සේ සිදු වෙනවා කොටුවක හිර වෙන්න....ඒ ගැනත් මාත් එක්ක කෙලින් කතා කරන්න තරන් ඒ හැම කෙනෙක්ම අවංක වෙලා තියනවා  වගේම ලොකේ කොහේ හිටියත් කොයි තරන්  කල්  කතා නොකර හිටියත් කොයි වෙලේ හරි කතා කරන්නේ එදා වගේම සෙනෙහසින්... (මං ඉන්න තැන හොයාගන්න තියෙන්නේ පුදුම ඉවක් )

ඉතින් මම කියන්න ආවේ සිතුවිලි ගැනනේ.. අපේ  මොළයේ කෙනෙක් අපිත් එක්ක කතා කරද්දි ඒ කතා කරන දෙයට ප්‍රතිචාර විදිහට සිතුවිලි බිහි වෙලා අපි කතා කරනවා.. ඒ වෙලාවේ තනිකර ඔබේ සිතුවිල්ලක් නෙමේ එළියට එන්නේ.. ඔබ කරන්නේ ඔබත් එක්ක කතා කල කෙනාට අනුව ඔබේ මොළෙන් හදල දුන්න සිතුවිල්ල කියන එක.. (මෙතනදි අතිතයේ සහ වර්ථමානයේ ඔබේ මොළය ඒ කෙනා ගැන එකතු කරගත් තොරතුරු වගේම ඔබ ඒ වෙලාවේ ඉන්න තැන සහ මානසික මට්ටමත් හේතු වෙනවා. වැඩි විස්තර OWLing  ) ඇත්තටම ඔබ ඒ කතා කල දෙය ගැන හිතන විදිහ ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.. හැම කතාවකටම පස්සෙ පසු විපරමක් ඔබම කරල බලනව නම් ඔබට අනිත් කෙනා නිසා  හැදුනු ඔබේ සිතුවිල්ත්  ඔබේ නියම සිතුවිල්ලත් වෙන් කරගන්න පුළුවන් වෙයි..


ඔබ නිතරම අහල ඇතිනේ "කිව්වේ එකක් කරන්නෙ එකක්"  (තරහ ගන්න  එපා එහෙම තැන් වලදි ) කියන වචන ටික.. මෙන්න මේ දේ වෙන්නේ අපි කාත් එක්ක හරි කතා  කරද්දි කියන්නේ ඒ කෙනාට ගැලපෙන සිතුවිල්ලට අනූව, මොළේ අපිට රඟපාන්න හදලා දුන්න චරිතය කියන වචන මිසක් අපේ ඇත්ත චරිතය නෙමේ.. (එකිනෙකාට තියන බය නැති තැනක් නම් ඇත්ත සිතුවිල්ලම එළියට එන්නත් ඉඩ තියනවා) ඉතින් හුදකලා උනාම අපිට හමු වෙනවා අපේ ඇත්ත සිතුවිලි.. ඒ හුදකලා කලාව ලස්සන හෝ අවලස්සන වෙන්නේ ඔබේ මොළයට තියන හැකියාව අනූව අනිත් අයගේ සිතුවිලි අයින් කරලා ඔබේ සිතුවිලි වෙන් කරගන්න.. මෙන්න මේ  හුදකලාව හරි භයානක ඇබ්බැහියක්.. දැනෙන සැනසිල්ල එක්ක ඔබට ආයේ අනිත් අයත් එක්ක කිසිම කතාවකට යන්න හිතෙන්නෙ නැති තරන්..

A girl reading a book alone middle of the night


14 comments:

  1. තැනක හිඳිද්දී මම හුදෙකලා වී
    හිතක දැනෙන සිතුවිලි ගඟ ගලාවී
    මතක මතින් කවි පදවැල් ගෙතේවී
    සිතක මහිම තනිවූවිට දැනේවී.........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිතක මහිම පද වැල් වල ගොතයි නම්
      මතක මතින් සිතුවිලි ගඟ ගලයි නම්
      සිහින් ගෙනෙන නිම්නය තනි මකයි නම්
      මේ හුදකලාව සැපයකි ගිම් නිවයි නම්....

      Delete
    2. දැනෙන සිතක සිතුවිලි දඟ දමාවි නම්
      මැවෙන ලිපිත් තව කවියත් වටීවි නම්
      දුවන දිවිය හුදෙකලාව ඉල්ලයි නම්
      සිතෙන විටෙක නවතිනු දිරි ලැබේවි නම්........

      ජයවේවා!!!

      Delete
    3. සිතෙන විටක නවතනු හැකි මගේ හිත
      දිවිය ඉසඹුලන හුදකලාවක
      මැවු වදන් මැවු කවිත් නිම වු දිනක
      සිතු සිතුම් පැතූ පැතුම්
      ඉටු වේවි ද මතු දිනක....

      Delete
    4. යමක් කලොත් පහන් සිතින් තුටු වෙමිනා
      දිනක් ඒවි නුඹෙ පැතුමන් මල් පිපෙනා
      නිමක් නොමැති හරබර ලිපි නුඹ ලියනා
      පිනක් බලෙන් හෙට ළොව නුඹ ජය ලබනා.......

      ජයවේවා!!!

      Delete
    5. පහන් සිතක නැඟුනු සිතුම්
      නැවුම් දිනක ගේවි පැතුම්
      මලින් පිරුනු දිනක නැවුම්
      දිලෙයි දිනක නිම් මැවු ලියුම්....

      Delete
    6. මලින් මලේ සුවඳින් දිවි නැහැවේවා
      දිනෙන් දිනේ නව අදහස් මතුවේවා
      ටිකෙන් ටිකේ බ්ලොග් ලිපි ගුණ වැඩිවේවා
      වරින් වරේ නුඹෙ බ්ලොගයට ජයවේවා........

      Delete
    7. නිදි මතයි දුමී, නැත්නම් තව ලියන්න තිබ්බා......:)

      Delete
  2. හුදකලාව හරි භයානක ඇබ්බැහියක්

    හරියටම හරි. ඒ වුනාට ඒකෙන් කාටවත් අයහපතක් වෙන්නේ නැතිනිසාම ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න හිතෙන්නෙත් නෑ.ඒත් සමහරවෙලාවට ජීවිතේදී හම්බවෙන සමහර මිනිස්සු නිසා අපි හුදකලාවෙන් ඈත්වෙනවද කියලත් හිතෙනවා. ආපහු හුදකලාවටම ලංවෙනවා නොදැනුවත්වම, ඒකට ඇබ්බැහිවුන එකා අයිති හුදකලාවටම විතරක් නිසා.

    ReplyDelete
    Replies
    1. කටුස් එක්ක 100% එකඟයි... හුදකලාවෙන් වෙන්නෙ අයහපතක් කියන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා.. අපේ අම්මා....

      Delete
    2. ඔයාගෙ අම්ම කියන දේ නිවෑරදී කියල මට හිතෙනවා....කෙනෙක් හිතට ආපු දුක් බර සිතුවිල්ලක් එක්ක තනි උනොත් එයා ලොකු මානසික පීඩනයක් තනිව දරාගන්න ගිහින් තව ප්‍රෂ්න වෑඩි කර ගන්නවා....ඒ වගේමයි හොද සවිමත් නිවරදි සිතුවිලි එක්ක කෙනෙක් තනි උනොත් එයා අරුම පුදුම යහපත් දේවල් ලොකෙට උරුම කරනවා....කොහොම උනත් හිත හෑමදේටම මුල් වෙනව

      නදී අක්කා

      Delete
    3. අක්කෙ ඔයා කියන දුක් සිතුවිල්ලක් නිසා තනි උන කෙනෙක්ට උදව් කරන්න අපි මේ දවස් වල විදි හොයනවා...මට මුලින්ම ඒ කෙනාට උදව් කරමු කියලා කිව්වේ ඉන්දියානු අම්මා කෙනෙක් මගේ පුතාගේ orientation එකෙදි හම්බුන..

      ඒ තනි උන කෙනා ලංකාවේ කෙනෙක්.. ඉතින් ඒ ඉන්දියානු අම්මා කියනවා එකම රටේ නිසා උදව් කරන්න ලේසි වෙවි කියලත්.. බලන්න ඕන හිමින්.

      Delete
  3. මට ඉන්නවා යාලුවෙක් මේ නිම්නය ලියන නිම්මි වගේ...
    එක එක වෙලාවට එක එක විධියට එකම දේ දිහාවෙ බලන...
    ඉතින් මම හිතට එන ඔනෙම දෙයක්... හරියට මගෙම සහොදරිය එක්ක කියනව වගේ.... සන්ස්කරනය නොකරම කියලා දානව එයා එක්ක...
    එයාට දෑන් ටිකක් වෑඩ වෑඩී කියල මට හිතුන එයාගෙ රාජකාරිත් එක්ක...
    මම කියන දේවල් අහන්න කියලා එයාට කරදර නොකර ඉන්න මම හිතුවා...
    කවදාවත් මොනව කියෙව්වත් මට පිස්සු කියල එයා කියලා නෑ....හබෑයි ඔය හිතට එන හෑම දෙයක්ම මගෙ ස්වාමිපුරුෂයට කීවනම් මට පිස්සු කියාවි එක පාරටම
    එහෙම යාලුවෙක් ලබන්නත් පෙර පිනක් තියෙන්න ඔනෙ කියල මට හිතෙනව නිතර....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ , එහෙනම් ඒ යාලුවට ඔයාට වඩා පිස්සු ඇති.. නිකමට අහලා බලන්න...:)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...