Sunday, November 13, 2016

සංගීතය, දෙවියන් සහ වෙන් කල නොහැකි හදවත්.....





අහෝ සමිඳාණනි, මාගේ සමිඳාණනි
අහෝ ගැලවුම්කරුවාණෙනි දුප්පතුන්ගේ ගැලවුම්කරුවාණෙනි
උදව් අවැසි සැම විට අපට අත පෑ හිතවාදියා නුඹයි
සම්පූර්ණ විස්වාශයේ කැඩපත
දකිමි උදව්කරු ආගමේ
අහෝ සමිඳාණනි

අහෝ සමිඳාණනි
එන්න මාගේ හදවත විවෘතයි නුඹට
ඇවිත් රැඳෙන්න දිවි ඇති තුරා
කිසිවෙකුට නොදෙමි එහි ඉඩක්
නුඹට පමණි


නුඹ රජුන්ගෙත් රජු,  දණ නමමි
දෙවියන්ගෙත් ආදරය දිනූ නුඹ අභියස


අවාසනාවතයන්ගේ ඉරණම්කරු
වාසනාවේ මාවතට ගෙන යන නුඹ
අහෝ සමිඳාණනි
නුඹ යුක්තිය පසිදිලන නුඹේ භුමියේ
අහෝ සමිඳාණනි
දුටුවෙමු රන් එළියක් දිලෙන
දෙවියන්ට ලඟ නුඹේ උදව්කරුවන්
හිස නමයි
නුඹයි අප හැමගේ රැකවරණය භාරකරු
අහෝ සමිඳාණනි
නුඹේ පිළිරුව රමණියයි සුන්දරයි


මාගේ ආදරණීය මාගේ නමස්කාරය හිමි නුඹ
මතින් දුටුවෙමු ලඟා උනෙමු මුස්ටෆා වෙත අත්පත් කර ගත්තෙමු


මා දිවියේ අවසන් යාමයේ පුණ්‍ය කාලයයි මේ
නුඹේ පුණ්‍ය භුමියට මම පැමිණියෙමි
අහෝ සමිඳාණනි
සියලු දුක් කරදර අපගේ නුඹට බාරයි දැන්
දුක් දුරලන්න නුඹට පමණි බලය හිමි
නුඹේ සුව කිරීමේ බලය පැතිරී ඇත සිව් දෙස
නුඹේ සතුරන් පවා ඉන් සිඳෙනු ඇත මුලුමනින්
තවදුරටත් නුඹට අභියෝගයක් නැත්තේමය

අහෝ සමිඳාණනි
මාගේ මඟ පෙන්වන්නානෙණි
නුඹේ පය පාමුලින් නොයමි හැරදා මා

අහෝ සමිඳාණනි
දෙවියන්ගෙත් ආදරය දිනූ නුඹ
එන්න මාගේ හදවත විවෘතයි නුඹට
ඇවිත් රැඳෙන්න දිවි ඇති තුරා
කිසිවෙකුට නොදෙමි එහි ඉඩක්

උදව් අවැසියන්ගේ ඉරණම්කරු
දිවිය සුවපත් කල
නුඹට පමණි නුඹ රජුන්ගෙත් රජු, දණ නමමි....
අහෝ සමිඳාණනි.






ආගමක් සමඟ බැඳුනු සංගීතය බොහෝ විට හදවත් වල ගැඹුරුම තැනක රැඳෙන්නෙත්, පුද බිමක නිර්මලත්වය හිමි කරගන්නේත් අනාදිමත් කාලයක සිට මිනිසා නොපෙනෙන බලවේග මත තම විස්වාසය අසීමිතව පුද දෙන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ...මේ  ක්වාලි (Qawwali ) සම්ප්‍රදායේ භක්ති රසය පිරි සුෆී ගීයේ  දෙවෙනි විඩියෝවෙහි අන්තිමට හැමොම අහස දිහා බලාගෙන කැරකෙන චක්‍ර ගනණත් දෙවියන් හා එක් වීමත්  හිත මොහොතකට සමාධි ගතවීමත් අතර තියෙන්නේ බිඳින්න බැරි සබඳතාවයක් ඔවුන්ගේ හදවත් වල...

A.R රෙහෙමානයන්ට  (A.R Rahman) ඇරුනම මේ ගීය (ගීයක් කිව්වට මෙය ගීයක්මත් නොවේ) මේ විදිහට ගයන්න පුලුවන් කෙනෙක් මිහිපිට තව බිහි වෙලා ඇතිද...හදවතේ සංගීතය (නර්තනය) කියන්නේ දෙවියන් වැඩ හිඳින දෙවොලක් නම් එහි නිසි ලෙස සුසර වු ඔබ මවන නාද තාල රටා එක් දෙවියෙක් මිහිපිට දෙව්ලොවක් මවන අසන්නවුන් උමතු කරවන...

කිසියම් ආගමක් එහි ඇතුලතට ගිහින් හදාරනවා නම් වැටහෙනවා ඇයි ආගම් මිනිසුන්ගේ ජාන පද්ධතියටම කිඳා බැහලා තියෙන්නේ කියන එක.. වෙන් කල නොහැකි ලෙස...ආගමත් මිනිසාත් දෙකක් නොව එකක් කල්පනාවෙන් වෙන් නොකොලොත්... මහා විනාසයකට මුල පුරන. 



පන්සල් , පල්ලි , කෝවිල් එපාද ඕනෙද.....

 

 

ප.ලි : Insaf,  ඔබව මතක් උනා... අවුරුදු ගානකින් ඔබව දැක නැ මා, ඔබ  හොඳින් ද නැද්ද කියාත් දන්නේ නැ.. මොන තරන් වාද විවාද සිදු උනත් හදවත් අපේ තවමත් එකිනෙකාගෙන් මිදී නැති බව නම් දනිමි මම....ඔබ එක අතකින් මගේ ගෝලයා සේම මම ද ඔබේ ගෝලයෙක්මි...ඔබ ඉන්නා තැනක සුවෙන් ඇතැයි සිතමි, නොකඩමි ඔබට දුන් පොරොන්දුව මා....

 

26 comments:

  1. සින්දුවක් කියලා ජොලියේ ඉන්න එක හොඳ සාමාකාමී දෙයක් නමුත් මෑත කාලයේ දී නම් ආගම් කියලා ඇඟට අරගත්තු හැඟ එකාම ලෝකෙට කර ඇත්තේ විපතක් ම යි!

    ReplyDelete
    Replies
    1. ඕනම දෙයක අන්තයට ගිහාම විපතක් මිස සැපතක් බලාපොරොත්තු වෙන්න බැනේ රසික...

      Delete
    2. ඒක වටහා ගත්තු හින්ද නේ බෝධිසත්වයනුත් මැදුම් පිළිවෙත අනුගමනය කළේ!

      Delete
    3. ඒ අනුගමනය කල මැද පිළිවෙත අදත් අනුගමනය කරන්න මාවතක් හැදුනා නම් රසික ඔබ මුලින් කිව විපත මේ ලොකේ වෙන්නේ නැ..

      Delete
  2. ආගම් අවශ්‍ය නෑ... මිනිස්සුන්ට නිදහසේ හිතන්න ඉඩ දෙන එකයි වෙන්න ඕන...

    http://indiatoday.intoday.in/education/story/finland-schools/1/808448.html

    ReplyDelete
    Replies
    1. මමත් සෑහෙන දුරකට එහෙම හිතනවා මාතලන්, ඒත් දැනට බිහි වෙලා තියන ආගම් එක්ක සහයෝගයෙන් යන්නේ නැතුව නිදහසේ හිතන්න බැනේ මාතලන්..

      Delete
    2. Maathalan, I have a friend who lives in Finland :) :) I know how the education works there.

      Delete
    3. එහෙනම් ඔයාට ආගම් 5000 ක් විතර ඉගෙන ගන්න වෙනවා...

      බුද්ධාගම උනත් මෑතක් වෙනකන් අවුලක් නැතිව ගමන් කළා... ඒත් මම හිතන්නේ අපේ පරම්පරාවත් එක්ක එහෙයි හාන්දුරුවනේ කොන්සෙප්ට් එකට කෙල උනා... මම නම් දහම් පාසලේදී හම දේම ප්‍රශ්ණ කලා.. අවසානේ ලැබුනේ නිවන නම් නෙවෙයි.. පන්සලෙන් එලවන එක...

      Delete
    4. මම හිතන්නේ මාතලන් ආගම් ඉගෙනීමට වඩා අනිකාගේ මතය උපේක්ශාවෙන් ඉවසීමට ඉගෙන ගැනීම වැදගත් කුමන හෝ ක්‍රමේකට...

      Delete
    5. මතය ඉවසීම හා මඩ ගැසීම කියන්නෙ දෙකක්. එහෙනම් ඉතින් හිරගෙවල් ඕන නෑ නේ. වින්දිතයට කියනවා ඉවසීම ප්‍රගුණ කරන්නය කියලා.

      Delete
    6. අනිවාර්යයෙන් මඩයි, වෙනස් මත ඉවසීමයි වෙන් කර ගන්න ඕන මාතලන්...ඒක අපි හිතන තරන් අපේ කියන දේ අහන්න්නේ නැති දකින දකින දේ අනූව පරිපථ හදා ගන්න මොළේට ලේසි නැති නිසා තමයි හිර ගෙවල් බිහි වෙන්නේ මම හිතන්නේ...ඒත් හිර ගෙවල් අඩු වෙමින් යන රටවලුත් තියනවා නේද....

      Delete
  3. සංගීතය විශ්ව භාෂාවක්. සංගීතයට ආගම, ජාතිය බේදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි ජෙමා. ඒ වටිනා භාෂාව හරිහැටි භාවිතා නොවීම තමයි දුක ලෝකය පුරාම මිනිසුන්ගේ යහපත උදෙසා..

      නිම්නයට ඔබව සාදරයෙන් එකතු කරගන්න අතරෙම ස්තුතියි ඒ විශ්වීය භාශාව රසවිඳලා අදහස් එකතු කලාට..:)

      Delete
    2. ඒ උනාට සංගීතය බිහිවෙන්නේ ආගම මුල් කරගෙන...

      විශේෂයෙන් වැස්ස වලාහක දෙවියන් මුල් කරගෙන..

      Delete
    3. ඔබ හරි මාතලන්, මේ සුෆී ගීය මුල වෙන්නෙත් වැස්සට... ඒ නිසයි අපි එකිනෙකාගේ මතයට ඇහුන්කන් දෙන්න හුරු වෙන්න ඕන එක පාරට කලබල වෙන්නෙ නැතුව.. හිමින් ගියොත් මේ හැමෝම යන්නේ එකම තැනකට.. උඩින් උඩින් බලන් එකයි ප්‍රශ්න වලට මුල මම හිතන්නේ...

      Delete
  4. ආගම කියන්නේ මම. මගේ ආගම මම. එතැන ඉන්නකොට කලබලයක් නැතුව හුස්ම ගන්න පුලුවන් නං කාවවත් එදිරිවාදියෙක් වාගේ පේන්න පටන් ගන්නේ නැත්නං, පාට වර්ණ නැතුව පේනවනං ඒ පාටවල් නිසා මරාගන්න ආසාවක් එන්නේ නැත්තං හිනාවෙන්න අඩන්න නියෝගයක් ඕනේ නැත්නං, ඒ මනුස්සයා හොද ආගං කාරයෙක්..ඒත් අපිට ඇස් ඇරිය දා ඉදලා වෙනස්ව නොව වෙන්ව හිතන්නට උගන්නන ආගං වලින් නං ඈත් වෙන එකම හොදයි.

    ReplyDelete
    Replies
    1. බාසි, මම ඔබේ අදහස එක්ක එකඟයි බොහෝ දුරට... මිනිස්සු මිනිස්සු විදිහට හිටියම ඇති.. එකිනෙකා වෙනස් බව තේරුන් ගෙන,කොහෙටවත් මොකටවත් අයිති වෙන්න ඕන නැ

      Delete
  5. සංගීතයට සම්බන්ධ කතෝලික ආගමේ කෙනෙකු ලෙස සිටිනිසා ආගමික සංගීතය මට හුරුයි. මෑත කාලයේ ජනප්‍රිය වූ කතෝලික ගීතයක් තමයි මේ . පුළුවන් නම් අහල බලන්න.

    ReplyDelete
    Replies
    1. ඇහුවා ඉයන්..ලස්සන ගීතිකාවක්..ස්තුතියි. අපේ ගේ ලඟ තියන සාප්පු සංකීර්ණයේ නත්තල් කාලේට පාසල් වල ළමයි කණ්ඩායම් ගීතිකා කියනවා.. අපිත් ඉතින් නොමිලෙම අහනවා..:)

      Delete
  6. හැම ආගමක් ම හැදිලා තියෙන්නේ සමාජයට යහපතක් කරන්න...... ඒත් ඒවා කරට ගත්තු හැමෝ ම සමාජයට කරලා තියෙන්නේ මහා විපැත්ති.... ආගම් ගැන ඇත්ත කතාව ඕක තමා..

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම වුනේ කියන එක මමත් වෙලාවකට හිතනවා කුරුටු..

      Delete
  7. ආගම,සංගීතය,රසවිදීම හොදයි ඔය තුන හරියට පෑහ ගත්තොත්

    ReplyDelete
    Replies
    1. ඔව් රොමාරස්, ඔය පෑහිම් අවුල් ගිය අය නිසා කොයි තරන් ජීවිත අවුල් වෙනවද...විස්වාසය කියන සංකල්පය තරන් අවභාවිත කරන වෙන දෙයක් තියනවද කියලත් මට හිතෙනවා හැම ක්ශේත්‍රයකම...

      Delete
  8. හොඳ පෝස්‍ටුවක් හීන දකින්නී... ගන්න ගොඩාක් දේවල් තියෙනවා
    ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...