Wednesday, May 11, 2016

අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - දෙවන කොටස

           මම පහුගිය ලිපියෙන් ලිවුවනෙ අවුල් නොවෙන OWLing කරන්නෙ කොහොමද කියල...මෙතනින් ආයෙත් කියවන්න.  ඔන්න අද ලියන්නෙ මේ අවුල් නොවෙන  OWLing එක්ක කොහොමද  ROCK වෙන්නෙ කියලා.

අපි හැමෝගෙම ජීවිත වල ඕනම දෙයකදි අපිට වැදගත්ම වෙන්නෙ, එහෙමත් නැත්නම් අපිට හොඳින් මතක හිටින්නෙ සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න ලැබෙන අවස්ථාවන්. මෙන්න මේ විනෝදය ඕනම දෙයකදි එකතු කරගන පුලුවන් හරිම සරල ක්‍රියාමාර්ගයක් තමයි   ROCK කියන්නෙ..

මෙතන්දි  OWLing ක්‍රමය ඔස්සෙ අපි කෙනෙක් එක්ක හොඳ සම්බන්ධයකට මුලපුරලා සවිමත් අඩිතාලමක් හදා ගත්තට පස්සෙ, එම සම්බන්ධය නොකැඩි අර්ථාන්විතව වගෙම දෙපාර්ශවයටම අලුත් දේවල් ඉගෙන ගනිමින් බොහොම සැහැල්ලුවෙන් විනෝදෙන් පවත්වාගෙන යන්න   ROCKing සැහෙන උදව්කරුවෙක්. 

Repeat
Opportunity
Cue
Keep in fun



මෙහි මුලින්ම පටන් ගන්න ඕන   R  අකුරෙන් නම් නෙමේ.. O අකුරෙන්. බුදු හාමුදුරුවොත් පස් මහ බැලුම් බලද්දි බුදුවරයෙක් පහළ වෙන්න සුදුසු  අවස්ථාවක් ද යන්න කරුනු 5 කින්ම විමසල බැලුවනෙ. (මං ඒ උදාහරණය ගත්තෙ මගෙ හිතට ආව හොඳම පැහැදිලි කිරිම ඒක නිසා, එහෙම නැතුව ආගම ගාවන්න නම් නෙමෙ හොඳෙ)  ඒ  වගෙම කෙනෙක් එක්ක මොනයම් හෝ සබඳතාවයක දි  ඉතාම වැදගත්  "අවස්ථාව", Opportunities.  මුලින්ම තීරණය කරන්න ඕන මොන වගෙ අවස්ථාවකදි ද අපි කතා කරන්නෙ කියන එක.

කෙනෙක් වෙහෙස වෙලා ඉන්න , එහෙමත් නැත්නම් කාර්යබහුල වෙලාවක් තෝර ගන්නවට වඩා නිදහස් සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් තෝර ගන්න පුලුවන් නම් වඩා හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න අපිට පුලුවන්. ඒ වගෙම අපි කතා කරන්න යන මාතෘකාවට මොන යම් හෝ සම්බන්ධයක් ඇති තැනක් වුනොත් වඩාත් පහසුයි. ගැලපෙන අවස්ථාවන් පෙනෙන තෙක් මානෙක නැත්නම් තම තමන්ගෙ හැංගිලා තියන සහජ හැකියාවන් එළියට අරන් නිර්මාණාත්මකව  ගැලපෙන අවස්ථාවන් හදා ගන්නත් පුලුවන්..

දැන් අමාරුම කොටස ඉවරයි... ඉතිරි ටික හරිම ලේසියි. ඊලඟට අපි යන්න ඕන C අකුර ලඟට. C අකුරෙන් කියවෙන්නෙ Clue,   "ඉඟි" ගැන. අපි ගොඩක් දෙනා ඉඟිබිඟි පෙන්නන්න වගේම පෙන්නන අය එක්ක ගනුදෙනු කරන්නත් හරිම කැමතිනෙ.. නැද්ද මං අහන්නේ ??

කලින් ලිපියේ පැහැදිලි කල OWLing වල  W අකුරෙන් කියවෙන ඉවසිමත් එක්ක සමඟාමීව යන මේ ඉඟි හරිම වැදගත් සම්බන්ධයක් නොකැඩි පැවැත්මටත් , තේරුන් ගැනිමටත්.  අනිත් පුද්ලගලයාගේ කතාවෙන් වගේම අංග චලන වලිනුත් කියවෙන ඉඟි කියවන්න පුරුදු විමත් , අපි හිතන දෙය එම පුද්ගලයාගෙ අදහස සම්පුර්ණයෙන් වෙනස් නොවන පරිදි ඉඟි භාවිතා කර පැවසිමත් සබඳතාවයක තිබිය යුතුම ගෞරවය නොනැසි පවතවා ගන්න කදිම තෝතැන්නක්.

මෙතෙක් වටහාගත් ක්‍රියාමාර්ග වැරදි නිවැරදි කරගනිමින් , අඩුපාඩු හදුනඟමින් "නැවත නැවතත් නොකඩවා" කරගෙන යාම තමයි     R  අකුරෙන් කියවෙන්නෙ , Repeat.


දැන් අන්තිම අකුර, මෙතෙක් කතා කල හැමදෙයමක, සාර්ථකභාවය, අර්ථවත්භාවය වගේම වින්දනීයභාවය රඳා පවතින්නෙ මෙන්න මේ K අකුරෙන් කියවෙන "විනෝදය" මත. Keep it fun.  මෙලොව කිසිම සබඳතාවක් දිගින් දිගට පවත්වාගන්න බැහැ එකිනෙකා තෘප්තිමත් නැත්නම්. ඉතින් දෙදෙනාගේම හිත් නොරිදෙන ක්‍රමවේදයන් මෙහි සඳහන් හැම පියවරකදීම පවත්වා ගන්න මනසින් ශක්තිමත් පාර්ශවය විශේෂයෙන්  හිතට ගන්නවා නම්  ජිවිතෙයේ ඕනම බරපතල ගැටලුවක්දි උනත් දෙතොලඟ හිනාවක් එක්ක ජීවිතයට මුහුණ දීමෙ හැකියාව ගොඩනැගෙනවා අපේ හිත් වල.


ඔන්න දැන්  අවුල් නොවෙන OWLing  එක්ක  ROCK වෙන හැටි ලියල නම් ඉවරයි. ඉතින් ඔයාලත් අවුල් නොවෙන OWLing  එක්ක     ROCK වෙලා බලන්න තමන්ගෙ වගේම අනිත් කෙනාගෙත් හෘදයාංගම හිනාව කොයි තරම් කාලයක් නොනැසි පවත්වාගන්න පුලුවන් වේවි ද කියලා.....


ප.ලි. මම පොරොන්දු උනා  මේ ලිපියත් එක්ක මේ ගැන තියන posters දානවා කියලා. පහතින් තියෙන්නේ ඒ posters .




34 comments:

  1. හරිම වදගත් ලිපි දෙකක්. මට හිතුනෙ "Repeat" කියන කොටස හරිම වෑදගත් කියලයි. ඇපිට මොන ලිපියක් කියෙව්වත් ටික දවසක් යනකොට අමතක වෙනවා. ඊලගට අපි අයෙත් පරන පුරුදු විධියට ජීවිතය දිහා බලන්න ගනවා. මේ ලිපියෙ තියන වෑදගත් කරුනු කෙටි සටහනක් කරලා නිතර පේන තෑනක තිබ්බොත් "මෙතෙක් වටහාගත් ක්‍රියා මාර්ග වෑරදි නිවෑරදි කරගනිමින් , අඩුපාඩු හදුනගනිමින් "නෑවත නෑවතත් නොකඩවා " කරගෙන යාම කියන "R" Repeat සාර්ථක වෙනවා. OWLing එක්ක ROCK වෙන එක ලේසි වෙනවා.

    Nadee Akka

    ReplyDelete
    Replies
    1. අක්කේ Repeat තමා වැදගත්ම, මොකද පේන වැරදි, අඩුපාඩු හදාගෙන ගියෙ නැත්නම් වැඩක් වෙන්නේ නැති නිසා.

      Delete
  2. හරිම අපූරුයි.. හැමෝටම හැම වෙලාවෙම හැම අතින්ම වැදගත් වෙන දේවල් ටිකක්..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, ඔයා හරි. අපිට හැමවෙලේම හිත හිත වැඩ කරන්න බැරි උනත් පස්සේ හරි උනු දේවල් දිහා හැරිලා බලලා අපෙන් වෙන පුංචි පුංචි අතපසුවීම් හදාගන්නවා නම් හිත් රිදීම් අවම කර ගන්න පුලුවන්, එතනදි අපේ හිත වල තියන මමත්වය කියන හැඟිමත් , කෙනෙකුට නැමෙන්නේ නැති ගතිය සිංහලෙන් කිව්වොත් second වෙන්නේ නැති ගතිය අඩු කරගන්න එක් හරි වැදගත්...

      Delete
    2. ////සිංහලෙන් කිව්වොත් second වෙන්නේ නැති ගතිය අඩු කරගන්න එක් හරි වැදගත්...///////////

      අතිශය වැදගත්!!!බොහෝ දෙනෙක් තේරුම් නොගන්නා කාරනයක්.

      Delete
    3. ඔව් අරුන, මට හිතෙන්නේ එකත් එක්තරා පරිනාමීය ලකුනක් මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු කරන, සුදුසු තැනදි සුදුසු පරිදි අනුගත කරගැනිම තමයි අපි කලයුත්තේ මම හිතන්නේ..

      Delete
  3. Replies
    1. කුරුට්ටනේ, මේ concepts දෙකේම අගය දැනෙන්නේ භාවිතා කරන පිරිස වැඩි උනොත් විතරයි. නැත්නම් මේවා පොත් වලට බ්ලොග් වලට සීමා වෙනවා.

      Delete
  4. ඔබේ අඩවියේ follower ගැජට්ටුව දෝෂයක් පෙන්වයි. follow කල නොහැක

    ReplyDelete
    Replies
    1. පූසෝ,, හැබැ නේන්නම්, මං උදේ බැලුවා හදන්න, ඒත් හරි ගියෙ නැ,ආපහු try කරන්නම්. thank U comment එකක් දැම්මට, නැත්නම් මට දැනගන්න වෙන්නෙ නැනේ..

      Delete
    2. බූට් පුස්, google රාජයාව follow කරලා followers හැදුවා...දැන් follow කල හැක.

      Delete
    3. ආවෙමි. දෝෂය භංග වී ඇත

      Delete
    4. දුටුවෙමි පැමිණ දෝෂය භංග වී ඇති බව තහවුරු කල සුදු පුසා...

      Delete
  5. අගෙයි ලිපිය චතූ.

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ඔයාට බරටම තිබ්බා නේද වැඩ :) , වෙන්නෙම හිතන්නේ නැති වෙලාවට දේවල් නේද ? ඒ අස්සේ මේකත් කියවන්න ආපු එකම ලොකු දෙයක්.. පුලුවන් හැමවෙලාවකම මේ concept දෙකට අනූකූලව වැඩ කරන්න පුලුවන් උනොත් සමාජයේ වගේම ලොකේත් දැනට තියන ගැටලු බොහොමයක් අවම කරගන්න ඉවහල් වෙයි කියලයි මට හිතෙන්නේ.

      Delete
  6. ugkx fufd,da y;ab,jajla f;arqfka keyefka yela yela

    ReplyDelete
    Replies
    1. අයියෝ.. ඒ කියන්නේ දේශකතුමාට වැටහිලා නැ කියන එකද...:) :) :)

      Delete
  7. වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ඔයාලා මේ විදිහට ඇවිත් කියවලා ජීවිතයට එක් කරගන්නවා නම් තමා වටින්නේ ලලිත්. නැත්නම් මං ලිව්වා කියලා දන්නේ ලැප්ටොප් එකයි, type කල මගේ ඇඟිලි ටිකයි විතරනේ..:) :)

      Delete
  8. අවුල් වන්නට පෙර ROCKවෙලා.

    හොඳ ලිපි පෙළක්!!!!!

    ReplyDelete
    Replies
    1. අරුන බොහොම ස්තුතියි මුල් ලිපිය ලින්ක් කලාටත්.. ලිපි දෙකම කියෙව්වටත්...

      Delete
  9. නියමයි , කලබලෙන් කියෙව්වේ, ආපහු නිවී හැනහිල්ලේ කියවන්නම් ගෙදර ගිහිං

    ReplyDelete
    Replies
    1. ඉවාන්, බලාගෙන කලබලෙන් OWLing එක්ක ROCK වෙන්න ගිහින් අතක් පයක් කඩාගන්න එහෙම එපා..කොහොම උනත් කලබලෙන් හරි මේ පැත්තේ ආපු එක ගැන නම් සතුටුයි..ඔබේ නමත් එක්ක අමතක කරන්නම බැරි මේ සින්දුවක් ඉවාන් පවුලිෂා -- සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවා ද?

      Delete
  10. ලිපි දෙකම කියෙව්ව එකෙක් විදියට කියන්නෙ සැහෙන්න වටින පෝස්ට් එකක්... ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මහෙෂ් අද ඔබේ අවසන් කවිය ද අවසන්ය. පොස්ටුවේ
      "පිහාටුවක මුදු සැහැල්ලුව
      හිතුමතේ උදුරාන
      රිදෙනවැයි සිතු සිතූ තැන්
      පිරිමදින විට නුඹ
      නොමදැනුණ වග මුදු බවක්
      නුඹට නොකීවේ මන්දැයි සිතමි.."
      මේ පද කියවද්දි මට මතක් උනා මේත් එක්කම ඉගෙන ගත් තවත් concept එකක් "The four "S" s කියලා.. ඒ ගැනත් මං හිමිට ලියන්නම්.

      Delete
  11. ඇත්තටම වැදගත් ලිපියක් සිහින දකිනින්නී.

    ReplyDelete
    Replies
    1. නිදහසේ ඉන්න නවාතැන් හදාගන්න ලේසි වෙයි අපි හැමෝම එකතු වෙලා මේ විදි කලොත් :) :) නිම්නයට නිදහසේ නවාතැන් ආවම තවත් ලස්සන වෙනවා...:)

      Delete
  12. නිම්නයට ගොඩවැදුණා.. තවම කියෙව්වෙ නම් නැහැ... මගේ ආදරණීය සුබ පැතුම් බ්ලොග් ලොවට එකතු වීම ගැන...

    ReplyDelete
    Replies
    1. නිම්නයට ගොඩ වැදිලා සුබ පැතුම් එක් කලාට තරු පිරි තරු රසීට බොහෝම ස්තුතියි..කියවන්න නිදහසේ... :)

      Delete
  13. සෑහෙන්න දෙයක් ජීවිතේට ගන්න පුළුවන් ලිපියක්, හීන දකින්නේ බර සාර ලිපියක්නේ ලියල තියෙන්නේ.. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කිසිම වෙලාවක ජිවිතෙට අලුතින් දෙයක් එක් කරගන්න , අලුතින් හිතන්න, නැවත මුල සිට අරඹන්න පරක්කු නැ කියන එක සො.මි. යා. මම මගේ ජිවිතෙන්ම ඉගෙන ගත්තා බොහෝම ප්‍රායෝගිකව... ඒ ජිවිත අත්දැකිම් වචන වලට හරවා හැම සමාජතලයකම ලොකු කුඩා කාට වුනත් කියවන්න ඉඩක් හදාගැනිම තමයි මගේ මූලික අරමුණ මේ ලියවිලි වල...:)

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. දෙවෙනි කොටස දැක්කමයි පලමු කොටස කියවන්න හිතුනේ. ඇත්තමයි. ජීවිතේට වැදගත් ඒ වගේම අත්‍යවශ්‍යම පාඩමක්. මේවා ගැන කලින් කියවලා නොතිබුනත් මේ අදහස් මගේ ජීවිතේ යම් ප්‍රමාණයක් තිබුනා. ඒ නිසාම මිතුරු වගේ ළං වෙලා හිටිය හතුරන් මට හදුනාගන්න ලැබුනා.
    අගෙයි.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමි .. පොස්ට් දෙකම කියෙව්ව එක ගැන සතුටුයි.. මගෙ ජිවිතෙත් යම් තරමක් දුරට මේ දේවල් ඉගෙන ගන්න කලින් එකතු වෙලා තිබ්බ අම්මටයි තාත්තටයි පින් සිද්ධ වෙන්න. නැත්නම් ඉතින් මේ ලොකේ වෙස්මුණු දාගෙන ඉන්න අයව කොහොම අඳුරගෙන බේරිල ඉන්නද??

      Delete

Related Posts Plugin for WordPress, Blogger...