Sunday, February 7, 2016

නුඹ දිනයි හැම හිතම සදාකල් මගෙ පුතුනි....




මගෙ පුතුනි දිවි මඟේ
වෙහෙස මට නොම දැනේ
සිනහා මගේ දෙසවනේ
රැව් නැගෙයි නුබේ මුවේ


දිනක නුඹ ලොව දිනයි
නුඹ නමින් ලොව දිලෙයි
පැතුම මගේ නොම බිඳෙයි
පුතුනි මගේ පන නුඹයි


රන් තරුත් තරු නෙතුත් මැදින් නුඹේ
ලොව සදමි මුව කමලෙ සිරි නුඹේ
දකිමි මම සිහිනයක් සැබැ වෙන නුඹේ
සිත සනසනා  සිනා පිරි මුව නුඹේ


ලොවෙ හැම එක ලෙසින් දකිනු මැන මගේ පුතුනි
සිත් පුරා නැගෙන දුක් විඳගන්න මගේ පුතුනි
දෙනු එපා කිසිවෙකුට සිත් රිදුම් මගේ පුතුනි
නුඹ දිනයි හැම හිතම  සදාකල් මගෙ පුතුනි..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...